ඔබ විසින් විශ්වාස කල යුත්තේ ඔබම මිස වෙනත් දෙයක් නොවන බව මා මනාව දනිමි. ඔබ ඇතැම් විට බාහිර බලවේගයන්ට ඔබගේ අවශ්‍යතා ඉටු කර දෙන මෙන් ඉල්ලා සිටිනු විය හැකිය. එසේ වුවද ඔබ විසින් කල යුත්තේ ඔබවම විශ්වාස කිරිමය. ඔබගේ වගකිම් 100% ඔබ විසින් බාරගත් විටදී ඔබ විසින් වෙනත් බලවේග කරා ගමන් නොකරනු ඇත. අවංකව ඔබ ඔබගෙන්ම ඉල්ලන්න. එවිට එය ඔබ වෙතට ලැබෙනු ඇත.
ඔබට විශ්වාස දෙවියක් හෝ වෙනත් බාහිර බලවේගයන් තිබිය හැකිය. එහෙත් පොදුවේ ඒ සියල්ල ඔබ ඉල්ලන සියල්ල ඔබට දෙන්නේ නැත. එයින් ඔබට ලැබෙනුයේ අල්පයක් පමණි. විටක කිසි විටක කිසි දෙයක් ලැබෙන්නේද නැත. එහෙත් ඔබ විසින් එම බලවේගය අත හැර යන්නේ නැත. එහෙත් ඔබට හැතැති ඔබ ඔබ විසින් නැති කර ගෙන තිබේ...
මට මා පවා නැති කලේ කව්රුන්දෝ කියා ඔබ විටක අසනු ඇත. එහෙත් ඒ සියල්ල වැරදිය. ඔබට ඔබ නැති කල හැක්කේ ඔබටම පමණි. ඔබ ට ඔබ නැති වි ඇත්නම් කල යුතු වන්නේ කෙසේ හෝ නැතිවු ඔබ සොයා ගැනිමය. නැතිව වෙනත් දෙයකට එය බාරදීම නොවේය.
බලාපොරොත්තු, පැතුම්, ජිවිතයේ අනිවාර්යෙන් පවතින වටිනාකම්ය. දෙවියන් යමක් දෙන තුරු හෝ කේන්දරයේ ග්‍රහයන් නිවැරදි වන තුරු කාලය නිකරුනේ ගත නොකර ජිවිතයේ යම් දෙයක් කිරිමට වෙහෙස වීම වටින්නේය. ඔබට කිසිවක් කිසිවක් නොකර නොලැබෙනු ඇත. එබැවින් කල යුතතේ ඔබ ඔබවම විශ්වාස කර කිසියම් දෙයක් කිරිමය.. එය කිසිවක් නොකර සිටිනවාට වඩා වටින්නේය...
ජිවිතයේ බොහෝ දේ නොලැබෙනු ඇත. එහෙත් ජිවිතේ ගෙනියුතු වේ. අදීනයෙක් සේ ජිවිතයෙන් පලා යා නොහැකිය. දෙවියන්ට හෝ කිසිවකට ඔබේ ජිවිතයේ වෙනස්කම් කල නොහැකිය. එය කල හැක්කේ ඔබට විතරමය.